යුද හමුදාපතිවරයාගේ ඇමෙරිකානු තහනම නිසා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියට රජයට උත්තර දෙන්න කැදවීමක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස්  අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැණවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ප්‍රකාශ කළේ. 

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවේ සංචාරය තහනම් කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි. එසේම  ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව විසින් එම තීරණටය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාල තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

(under the courtesy of නෙත්gossip.com news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*