හිරුණිකාගෙන් අදත් හඩපටයක් – මිනිස්සු පව් තාම අපි එක්ක ඉන්නව

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල ලෙස මහන්සියෙන් වැඩ කටයුතු කළ දෙතුන් දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු කිරීමේ නොහැකියාව සහ දක්ෂතාවය නිසා ඉතා ඉක්මනින් ආණ්ඩුව බාර දෙන්නට වූ බව ද ඇය සඳහන් කළාය.

අවාරෙට පොල් වැටෙනවා සේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පිහිටුවන බවත් එය වසර දෙක තුනකින් ආපසු නැවත කඩා වැටෙන බවත් කී ඇය ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ද සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ දෙයම බවද කීවාය.

ජනතාව තවමත් පක්ෂය සමග සිටින එක දෙන පුදුමයක් බවත් ඒ මිනිසුන් පවු බවත් ඇය කියා සිටියාය.

මන්ත‍්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(under the courtesy of lankacnews.com news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*