නව කොරෝනා නිසා රජ පවුලටත් ගැටළු

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම හේතුවෙන් මහජනයා එක්රැස් වන උත්සව අවලංගු කිරීමට ජපානය පියවර ගෙන ඇති අතර, ඒ අනුව එරට නව අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දින සැමරුම් උත්සවය ද අත්හිටුවා තිබෙනවා.   ඒ අනුව ලබන 23 වන දාට යෙදී ඇති උපන්දිනය දා නරුහිතෝ අධිරාජ්‍යයා මහජනයා ඉදිරියේ පෙනී නොසිටින අතර, මහජනයා ඔහුට සුබ පැතීමේ ලේඛනය අත්සන් තැබීමේ අවස්ථාව ද අවලංගු කර ඇති බව සඳහන්.   නරුහිතෝ අධිරාජ්‍යයා මෙවර සමරන්නේ පසුගිය වසරේ කිරුළු පැළදීමෙන් පසු ඔහුගේ ප්‍රථම ඡන්ම දිනයයි.


මීට පෙර අවසන් වරට අධිරාජ්‍යයාගේ උපන් දින සැමරුම් අත්හිටුවනු ලැබුවේ 1996 වසරේදියි.   ඒ, පේරු රාජ්‍යයේ ජපාන තානාපති කාර්යාලයේ පැවති අධිරාජ්‍යයාගේ ඡන්ම දින සැමරුමකදී ප්‍රාණ ඇපකරුවන් රදවා ගැනීමේ සිද්ධියක් හේතුවෙන්.   කොරෝනා වෛරස් අවදානම නිසා මාර්තු 1 වන දාට යෙදී ඇති ටෝකියෝ ජාත්‍යන්තර මැරතන් ධාවනයේ ආධුනික අංශ තරඟය ද අවලංගු කර ඇති බවයි ජපාන මාධ්‍ය සඳහන් කළේ.   ජපානයේ මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 60 දෙනෙකු සොයා ගෙන ඇති අතර, යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 356 ක්.

(under the courtesy of හිරුgossip.lk news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*