වැලන්ටයින් සාදයේදී බාලවයස්කාර පෙම්වතුන්ට කොකේන් බෙදූ පිරිස නීතීයේ රැහැනට

වැලන්ටයින් දින බාල වයස් පෙම්වතුන් සඳහා කොළඹ, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සංවිධානය කර තිබූ වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබෙනවා.

මෙම ස්ථානය දින කීපයක් තිස්සේ සුරාබදු නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමේදී බාලවයස් පෙම්වතුන් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකරමින් සිටි මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට හෙළිවී තිබෙනවා. එය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී අවුරුදු 17 ටත් 25 ත් අතර වයස්වල පසුවන පෙම්වතුන් යුවළ 100 150 ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් විනෝද වන ආකාරය දැක ඇති බවයි සදහන් වන්නේ. කිසියම් පිරිසක් එලෙස විනෝද වන පිරිසට මත්ද්‍රව්‍ය රැගෙන විත් බෙදාහරින ආකාරයද මෙම නිලධාරීන්ට දැක ගන්නට ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් ඒ ස්ථානයට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි කාන්තාව ඇතුළු සැකකරුවන් කොටුකරගෙන ඇති බවයි සදහන් වන්නේ.

එහිදී රුපියල් 50,000 කට අධික වටිනාකමින් යුත් කොකේන් අත්අඩංගුවට ගත් බවද එම කාර්යාංශය පවසයි.

අදාළ සැකකාරිය ඇතුළු සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (17 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මීට අමතරව මෙම සාදය සඳහා විදේශීය මත්පැන් බෙදාහැරි අලෙවිසලක් ද වටලා විදේශීය මත්පැන් ලීටර් 143 කට අධික ප්‍රමාණයක් ද එම නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ඒවා වැසිකිළියක සගවා තිබියදී සොයා ගත් බවද එම කාර්යාංශය කියයි.

(under the courtesy of හිරුgossip.lk news web)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*