July 12, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

දරුඵල ඉල්ලා දේවස්ථානයට වීදුරු පිඟානෙන් ගැසූ සාත්තරකරු

දෙවියන් කියූ නිසා යැයි කියමින් මීපේ මුස්ලිම් දේවස්ථානයට වීදුරු පිඟානකින් දමා ගැසූ දේවාරූඨයෙන් සාත්තර කියන පුද්ගලයකු පාදුක්ක පොලිසිය (18) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි පාදුක්ක අරුක්වත්ත පදිංචිකරුවෙකි. සැකකරු තවත් යුවළක් සමග වැගන් ආර් රථයකින් පැමිණ මෙලෙස පිඟාන විසිකොට ඇති බව සී.සී.ටී.වී. දර්ශන අනුව පෙනී ගොස් ඇත. ඒ අනුව විමර්ශන කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීමට එම කාර් රථයේ සිටි යුවළ සම්බන්ධ නොමැති නිසා මුදාහැර තිබේ.
මෙම සැකකරු දරුඵල නොමැති කාන්තාවන්ට අල්ල අතගෑම වැනි කෙම් ක්‍රම මගින් දරුඵල ලබා දෙන බවද පැවසුවේය.