July 12, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

සේර ඇල්ලේ වැටී මියගිය පෙම්වතා

අතුරුදන් වූ ‘තරුණයාගේ’, සිරුර  සොයාගෙන ඇත__

ලග්ගල ‘පොලිස් බල ප්‍රදේශයට’ අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේරඇල්ලේ සිට ඡායාරූප ගැනීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගත් බව ‘ලග්ගල පොලීසිය’ දන්වා ඇත..
———————————————————————————–
නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන ‘සේරඇල්ල’ දෙස්-විදෙස් සංචාරක  ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයකි..එහි සුන්දරත්වය නිසාම, මංගල ‘ඡායාරූප ශිල්පීන්’ මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනී..
———————————————————————————–
කුරණෑගල, පන්සිළුගම, පදිංචි ‘ශිරන්ත සංජය’ සහ ‘දිල්මි මධුෂිකා’ ඊයේ (28වනදා) සිය දෙමාපියන්, ඥාතීන් සහ ඡායාරූප ශිල්පියා සමඟ ‘සේර ඇල්ල’ අසළට පැමිණ තිබුණේ, සිය [මංගල උත්සවයට පෙර] ඡායාරූප කිහිපයක් ගැනීමට ය..
ශිරන්ත සහ දිල්මි ඡායාරූපයකට පෙනී සිටින අතරතුර, ‘සේර ඇල්ලෙහි’ දිය පිරුණු වළකට ඇද වැටී තිබුණි..එම අවස්ථාවේදී ඥාති සොහොයුරෙකු විසින් දිල්මි බේරාගත්ත ද, ‘ශිරන්ත’ව බේරා ගැනීමට කිසිවෙකුටත් නොහැකි වූ බව, සිද්ධිය දුටුවෝ පැවැසූහ..
අතුරුදන්වූ ‘ශිරන්ත’ සොයා අද(29වනදා) උදෑසන ‘නාවික හමුදාව’ මෙහෙයුමක් ආරම්භ කළ අතර, පස්වරුවේ මෘත ශරීරය සොයා ගැනීමට කිමිදුම්කරුවන්ට හැකිවී තිබුණි..
නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ‘එස්.කේ.ශිරන්ත රත්නසූරිය’ නැමැති ’27’හැවිරිදි තරුණයෙකු මෙසේ මරණයට පත්විය..වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වූ ‘ශිරන්ත’, ඇගේ පෙම්වතිය වන ‘දිල්මි’ සමඟ විවාහ වීමට නියමිතව තිබුණේ, ලබන මස 14වනදා ය…