August 8, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

වෙලේ සුදා මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සැලසුම් දැනගත් ආකාරය අධිකරණයේදී හෙළි වේ

වැලිකඩ සිරකරු ඝාතන නඩුව අද (08) ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.

විත්තියේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු තමා කෙටි කාලයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවත්, එම කාල සීමාවේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු එම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නැමැත්තාට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ බව පැවසීය.

එම විමර්ශනවලදී පොලිස් කොස්තාපල් අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා අතර ඇතිවූ සංවාදවලට අදාළ හඬ පට ද සොයාගෙන තිබූ බව සාක්ෂිකාර වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.