August 9, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

ගිනිඅවි සහ උණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

ගිනිඅවි සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ මිටියාගොඩ, ගින්නරුව, වේරගොඩ ප්‍රදේශයේදී තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ කැරලියන්ගොඩ, කහව ප්‍රදේශයේදී ද මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 23 වයස්වල පසුවන වේරගොඩ සහ කහව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.