August 8, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

මම දාන්නේ ” ඉම්පෝර්ටඩ් ” සපත්තු ඒ නිසා බ්‍රෑන්ඩඩ් හොඳ සපත්තු ආනයනයට ඉඩ දෙන්න ඕන – ජනාධිපති ලේකම් – පී.බී ජයසුන්දර

පිටරටින් පාවහන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වමින් ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් කොට පසුගිය 17 වැනිදා නව ගැසට් නිවේදනයක් මඟින් රට තුලට ඕනෑම ආකාරයේ පාවහන් ආනයනය කිරීමට ඉඩදීම පිළිබඳව දේශීය පාහවන් නිෂ්පාදකයින් විසින් විවිධ රාජ්‍ය නිලධාරීන් හරහා විරෝධය පළ කරනු ලැබූ බව වාර්තා විය.

අප වෙත අදහස් දැක්වූ දේශීය පාවහන් කරුවන්ගේ සංගමයක ප්‍රධානියෙකු පවසන්නේ යම් නිලධාරියෙකු විසින් එසේ ගැසට් නිවේදනය වෙනස් කොට පාවහන් ආනයනයට ඉඩ දුන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්ණ කළ විට ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර මහතා ඉතා සුවිශේෂි ප්‍රකාශයක් කළ බවය.

එම ප්‍රකාශය මෙසේය. ” මම දාන්නේ ඉම්පෝර්ටඩ් සපත්තු, ඔයා  දාන්නෙත් ඒවා, ඉතින් හොඳ ” බ්‍රෑන්ඩඩ් ” සපත්තු ආනයනයට ඉඩ දෙන්න ඕන. ” යනුවෙනි.