August 8, 2020

LK Gossips

Gossips හැමොටම කලින්

රාවූෆ් හකීම් අධිකරණ ඇමති වී සිටි 2012දී නීති විද්‍යාලයට අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් බඳවාගෙන – පාස්කු කොමිසමේදි හෙළිවෙයි

2012 වසරේදි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩිවූ බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදි සාක්ෂි දෙමින් පැවසූවා.

එහිදී කොමිසම විසින් ප්‍රකාශ කළේ මෙලෙසට එක්වරම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම වැඩි වීමට හේතුව කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් හිටපු බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළේ මහජාතිය සහ සුලු ජනවර්ගයක් අතර තිබූ ගට්ටනයක් මෙයට හේතු වූ බවයි.

2010 වසරේදී නීති ප්‍රවේශ විභාගය සමත් වූ මුස්ලිම් සිසුන් ගණන 9ක් වුවත් 2011 හා 2012 වසර වල පිලිවලින් 51 හා 78ක් දක්වා වැඩිවී තිබේ.